Saturday, February 21, 2026
Follow Us
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා

ජාතික අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති දායකත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙපාර්තමේන්තුමය කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය සහ කම්කරු හා විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා අතර පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ජාතික අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුත්තේ කෙසේ ද යන්නත්, එහි දී දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති දායකත්වය කෙසේ විය යුතු ද යන්නත් සහ එහි දී නිලධාරීන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සම්බන්ධයෙනුත් අවධානය යොමු කර තිබේ.

වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් කම්කරු ගැටලු විසදීම සම්බන්ධව අමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරීන්ගේ වැඩි අවධානය යොමු  කෙරිණි.