Saturday, February 21, 2026
Follow Us
යළිත් වායු දූෂණය ඉහළ යයි

මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක යළිත් වරක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ එම තත්ත්වය අද (22) දිනයේ දී ද පවතින අතර හෙට (23) දිනයේ දී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.

 

මේ අතර දිවයිනේ දකුණු අර්ධයේ බස්නාහිර, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ARUNA