Saturday, February 21, 2026
Follow Us
උසස් පෙළ විාගය වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 4ක්

ලබන 23 ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 (2023) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

 බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

 එම මධ්‍යස්ථාන හතරත් සමග මෙවර විභාගය මධ්‍යස්ථාන 2200ක පැවැත්වෙන බව ප්‍රකාශ කළ විභාග කොමසාරිස්වරයා ජනරාල්වයා පෙරවාරි මස 17  දක්වා පැවැත්වෙන බව ද පැවසීය.