Saturday, February 21, 2026
Follow Us
රැකියා ප්‍රවර්ධනයට නව පරිගණක යෙදවුමක්

දේශිය හා ජාත්‍යන්තර රැකියා වෙළෙදපොල සහ මෙරට රැකියා අපේක්ෂකයින් සයිබර් අවකාශය මගින් සම්බන්ධ කෙරෙන රැකියා ප්‍රවර්ධන පරිගණක (Digital app) යෙදවුමක් හඳුන්වාදීමට යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ උපදෙස් මෙය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ජාතික වැඩසටහන මගින් මෙරට සහ විදේශ රැකියා අපේක්ෂිත පුද්ගලයින්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මෙන්ම විශේෂ නිපුණතාවන් පිළිබඳ දත්ත පද්ධතියක් පරිගණක යෙදවුමක් ලෙස අනතර් ජාලයට එක්කරනු ලැබේ.

රැකියා සහ රැකියා ආයතන පිළිබඳ තොරතුරු , ස්වයිං රැකියා සහ ඒ හා සම්බන්ධ පුහුණුව, මුල්‍ය සහයෝගය සහ උපදේශාත්මක කාර්යයන්, මෙන්ම ඒ හා කටයුතු කරන ආයතන පිළිබඳ තොරතුරුද යාවත්කාලීන කිරීමට ද නියමිතය.