Saturday, February 21, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණ පර්යේෂණ වාර්තාවක් භාර දෙයි 

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ශ්‍රී  ලංකාවේ ශ්‍රම සංක්‍රමණ පර්යේෂණ සම්බන්ධයෙන් වන වාර්තාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් විසින් භාර දීම ඊයේ (12) සිදු කෙරිණි.

ලංකාවේ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් කර ඇති පර්යේෂණ 59ක් සම්බන්ධයෙන් වන තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වේ. 

 එම වාර්තාවේ ඩිජිටල් පිටපත හරහා පර්යේෂණ 59 සඳඳහාම වන සම්පූර්ණ ප්‍රවේශය ලබාදී ඇත. ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ, ස්ත්‍රී පුරුෂභාවය, ඇතුළු ශ්‍රම සංක්‍රමණයට අදාළළ දත්ත සහිත මෙම පර්යේෂණ වාර්තා මගින් අනාගත පර්යේෂණ සඳඳහා අවශ්‍ය දැනුම් පරතරය පියවීමට හේතුවනු ඇත.