Friday, March 29, 2024
Follow Us
පාසල් දරුවන්ට යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට සැලසුමක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා දිවා ආහාරය සකස් කරන පිරිසට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේය.

අනුරාධපුර කලංකුටිය ප්‍රදේශයේ මෙම ද්‍රව්‍ය සහල් සමග මිශ්‍ර කරන කර්මාන්ත ශාලාවක් ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙන අතර, ඉදිරියේදී මොනරාගල හා මහනුවර යන දිස්ත්‍රික්කවල පාසල්වලට ලබාදීමට සැලසුම් කර ඇත.

මෙම පෝෂණ ඌනතාවය සොයා බැලීම සඳහා සමීක්‍ෂණ කණ්ඩායමක් පත්කර තිබෙන අතර, එම සමීක්‍ෂණ කණ්ඩායමේ දත්තවලට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මෙම ආහාර වේල තුළින් රක්තහීනතාව, මතක ශක්තිය දුර්වල වීම හා ශරීර වර්ධනය අඩු වීම සඳහා විසඳුම් ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

(LNC)