Saturday, February 21, 2026
Follow Us
අමාත්‍යාංශ ලේකම්වරයෙකුගෙන්  මැතිවරණ කොමිසම කරුණු විමසීමට යයි  ‌

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ගෙන්වා කරුණු විමසීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව මඟින් බව මැතිවරණ කොමිෂන් සභාවේ අද (11) පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සඳහන් කළේය.