Saturday, February 21, 2026
Follow Us
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරින් 11කට තුවාළ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයකි.

 

අනතුරින් තුවාළ ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

 

එසේම ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට තොරතුරු වාර්තා වෙයි.

 

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදීය.

 

කෙසේ වෙතත් අනතුර හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Aruna