Saturday, April 20, 2024
Follow Us
මද්‍රසා – අරාබි පාසැල් රජයට ගත්තොත් උසාවි යනවා – බන්දුල

මද්‍රසාල් පාසැල් හා අරාබි පාසැල් දෙදහසක් පමණ රට තුල නීති විරෝධී ලස පවත්වාගෙන යන බවද එම පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කලහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

1961 අංක 8 දරණ අධ්‍යාපන පනතේ 25.1 අ වගන්තිය යටතේ අවුරුදු 5-14 කිසිඳු පාසැලක් රජයට හැර කිසියම් හෝ පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආරම්භ කල නොහැකි බවත් කොලඹ 7 විපක්‍ෂ නායක කාර්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා ඊයේ (26) පැවසීය​.

රටේ ජාතීන් අතර අස් අමගියක් හෝ ජාතික සංහිඳියාවට බාධාවක් හෝ වන අයුරින් මද්‍රසා සහ අරාබි පාසැල් පිහිටුවීම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට බධාවක් බවද වහාම එම පාසැල් තහනම් කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවද මන්ත්‍රීවරයා පැවසීය​.

රටේ සම්මත නීතිය උල්ලංඝණය වන අයුරින් සිදු වන මෙවැනි නීති විරෝධී ක්‍රියා රටට හෙලි කිරීම නිසා තමන්ට එලව එලවා පහර පිට පහර දෙන බවද මෙය ජාතික ආරක්‍ෂාවට හොඳ දෙයක් නොවන බවද මන්ත්‍රීවරයා කීය​.

සිංහල මව්වරුන් වඳභාවයට පත් කරන වෛද්‍යවරයකු පිලිබඳව හෙලි කල විට එම මාධ්‍යයට එරෙහිව පියවර ගැනීමට යාම තුල ආණ්ඩුවේ මාධ්‍ය නිදහස හොඳින් පිලිබිඹු වන බව කී මන්ත්‍රිවරයා තමන්ගේ නමින් මේ වන විට මුහුණු පොතේ ව්‍යාජ ගිණුමක් ආරම්භ කර ජනපති සම්බන්ධකොට තමන්ට එරෙහිව දේශපාලන මඩ ව්‍යාපරයක් ක්‍රියාත්මක වන බවද ඊට එරෙහිව අදාල අංශ වලට පැමිණිලි කර ඇති බවද ගුණවර්ධන මහතා කීය​.

(Lanka Leads)