Saturday, February 21, 2026
Follow Us
බරපතළ කැපුම් තුවාල ලද ඩිලාන් සේනානායකට සැත්කමක්

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්වූ, ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතා ඊයේ (15) දිනයේදී සැත්කමකට භාජනය කර ඇති බව වාර්තා වේ.

පෙරේදා රාත්‍රියේදී නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ පෞද්ගලික ශබ්දාගාරයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට මෙසේ තියුණු ආයුධයකින් පහරදී තිබුණු අතර එයින් ඔහුගේ පාදයකට සහ උරහිසට තුවාල සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මේ වනතෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.

ඩිලාන් සේනානායක මහතා පසුගිය ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළේය.

LNW