Saturday, February 21, 2026
Follow Us
ඩොලර් නැතුව නිවුණු සපුගස්කන්දේ ගිනිදැල්ල යළි දැල්වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි විවෘත කෙරෙනවා. බොරතෙල් හිඟය හේතුවෙන් එම පිරිපහදුව ඔක්තොම්බර් මස 07 වන දා සිට වසා දැමුණා.

එම කාලය තුළ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පිරිපහදුවේ නඩත්තු කටයුතු සිදු කිරීම හේතුවෙන් ඉදිරියේ දී පූර්ණ ධාරිතාවයකින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක නෙත් නිවුස් කළ විමසීමක දී පැවසුවේ.

ඒ අනුව මාර්තු මාසය දක්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක තවදුරටත් සඳහන් කළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි විවෘත කිරීම හරහා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 1,600ක්, පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 550ක්, භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 950ක්, දැවි තෙල් මෙට්ට්‍රික් ටොන් 1,450ක් හා නැප්තා මෙට්ට්‍රික් ටොන් 450ක් ලෙස දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

Neth