Saturday, February 21, 2026
Follow Us
බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම අඩු පීඩන තත්ත්වය ලංකාව ආසන්නයේ වර්ධනය වී තිබෙන නිසා එයින් උතුර,උතුරු මැද,නැගෙනහිර සහ ඌව යන පළාත්වලට බලපෑම් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

 

මීට අමතරව මෙම 21 වැනිදායින් පසු ඊසාන දිග මෝසම් වැසිද ඇතිවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.

 

අඩු පීඩන තත්ත්වයේ බලපෑම මත දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉකුත් සතියේදී වර්ධනය වූ අඩු පීඩන කලාපය නිසා ඇතිවූ “මැන්ඩවුස්“ සුළි කුණාටුවේ බලපෑම එල්ල වූයේද උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටය.

Aruna