Saturday, February 21, 2026
Follow Us
ඩෙංගු රෝගීන් ගණන ඉහළට

මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 දෙනෙකු වාර්තා වී තිබේ.

පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අතරින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ, කළුතර, කල්මුණේ සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද ඩෙංගු රෝගින් වාර්තා වී ඇති බව සඳහන්ය.

Mirror