Saturday, February 21, 2026
Follow Us
එළවළු මිල ගණන් යළි ඉහළට

වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් ඇත.

නුවරඑළිය අර්තාපල්, කැරට්, ලීක්ස් ආදී එළවළු වර්ග කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී තිබේ.

 

නමුත්, කැරට් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 250 ත් 280 ත් අතරය. ලීක්ස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 300 ත් 330 ත් අතරය. එමෙන්ම, නුවරඑළිය අර්තාපල් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් රුපියල් 370 ත් 380 ත් අතරය.

 

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි ඊයේ (13 වැනිදා) එළවළු වර්ග කීපයක තොග මිල ගණන් පැවතියේ මෙලෙසිනි.

 

ගෝවා රු.100-110,මල් ගෝවා රු.550-580,කට් බීට් (උඩරට) රු.200-250,තක්කාලි රු.110-130,නෝකෝල් රු.200-220,වැටකුළු රු.200-210,මෑකරල් රු.180 - 200.

 

පසුගිය දිනවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 150 ක් දක්වා අඩුවී තිබුණද, මේ වන විට කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වැඩිවී තිබේ. වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1750 කි. මේ අතර, ඇඹුල් කෙසෙල් කිලෝවක සිල්ලර මිලද රුපියල් 150 ක් දක්වා වැඩිවී තිබේ.

 

ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් කියා සිටින්නේ දෛනික එළවළු සැපයුම ක්‍රමයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවය.

 

Aruna