Saturday, February 21, 2026
Follow Us
උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම ව්‍යාපෘතියෙන් ලබන ජූනි මස සිට පූර්ණ ධාරිතාවයෙන් විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Aruna