Saturday, February 21, 2026
Follow Us
අධික ගාස්තු හා ඉහළ බදු අය කිරීමෙන් අහිමි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන අනාවරණයක්

අධික ගාස්තු හා ඉහළ බදු අය කිරීම හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 05 කට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව ලංකා එක්සත් ව්‍යාපාරික සංසඳය පවසනවා.

එහි සභාපති ටානියා එස්. අබේසුන්දර පැවසුවේ පවතින දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට බවයි.

පසුගිය මාසය තුළදී පමණක් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500 දෙනෙකු පමණ මෙරට ව්‍යාපාර අතහැර ඩුබායි රාජ්‍යයට ගොස් එහි ව්‍යාපාර ස්ථාපිත කර ඇති බවද ලංකා එක්සත් ව්‍යාපාරික සංසඳයේ සභාපති ටානියා එස්. අබේසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

 

Neth