Saturday, February 21, 2026
Follow Us
මාංශ අලෙවිසැල් පරීක්ෂාව වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් තීරණයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මස් මාංශ පරීක්ෂා කිරීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ පසුගිය දින කිහිපයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නිසි අනුමැතියක් නොමැති ගව හා එළු මස් අලෙවි කිරීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ බවයි.

අනුමත මුද්‍රාව සඳහන් මාංශ පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙහිදී පෙන්වා දුන්නා.

Neth