Saturday, February 21, 2026
Follow Us
ක්‍රිකට්වලට මැතිරුවද කියන්න ජෙරම් හෙට විත්ති කුඩුවට නගී

ඕස්ට්‍රේලියාවේ දී පැවති ICC T20 ලෝක ශූරතාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදු වූ අක්‍රමිකමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනිගේ ප්‍රධානත්වයෙන් පත් කළ සය දෙනෙකුගෙන් යුත් කමිටුව ඉදිරියේ (13) උදෑසන 10ට පෙනී සිටින ලෙස ආන්දෝලනයට තුඩු දී ඇති පාස්ටර්වරයකු වන ජෙරම් ප්‍රනාන්දු ව කැදවා ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අය වැය විවාදය පවතින අතරතුර විපක්ෂ මන්ත්‍රීවරු රැසක් මෙකී පාස්ටර්වරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වී ඇතැයි කියන බලපෑම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී පවසා සිටියේ මේ පිළිබද කඩිනම් විමර්ශනයක් කරන බවයි. ඒ අනුව ජෙරම් ප්‍රනාන්දු ව හෙට විශේෂ කොමිසම හමුවට කැදවා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අරුණට තහවුරු කළේය.

Aruna