Saturday, February 21, 2026
Follow Us
කොල්ලුපිටියේ අනතුරක් සිදුකර රටින් පළාගිය රියදුරු අත්අඩංගුවට

කොල්ලුපිටියදි රිය අනතුරක් සිදුකර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දීයි.

පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය.

අනතුර සිදුකර පැය 3ක් ගතවන්නට පෙර මෝටර් රථය පැදවු රියදුරු රටින් පළාගිය බව පොලීසිය පවසයි.

අනතුරින් මෙලෙස මියගි‌යේ කතහඩුවේ පදිංචි 58 හැවිරිදි තිදරු පියෙකි.

 

Aruna