Saturday, February 21, 2026
Follow Us
දුම්රිය අධිකාරියක් කරන්න ඉඩ දෙන්නේ නෑ

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ලිපියක් යොමුකරමින් පවසයි.

අමාත්‍යවරයා දුම්රිය සේවය ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවත් ගමනා ගමන මණ්ඩලය විනාශ කර ඇති ආකාරයටම, දුම්රිය සේවය විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් ඔවුන් සිය ලිපියෙන් ප්‍රකාශ කරයි.

දුම්රිය අධිකාරිය ප්‍රකාශයට පත් කළහොත්, එදිනට පසු දින සිට කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවන බවත් ඔවුන් සිය ලිපියෙන් වැඩිදුරටත් පවසයි.

Aruna