Saturday, February 21, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්


කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසකට අද (10) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 10 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශ සහ රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Aruna