Saturday, February 21, 2026
Follow Us
චාමික ප්‍රතිකාර ලබා හෝටලයට යයි; දත් 4කට හානි වෙලා

පන්දුවක් මුඛයේ වැදීමෙන් තුවාල ලැබූ චාමික කරුණාරත්න ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නවාතැන් ගෙනසිටින හෝටලය වෙත ගොස් තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔහු මෙලෙස ආබාධයට ලක්විය.

එම තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ඔහු අනතුරට ලක්වූ අතර ඉන් චාමිකගේ දත් 4ක් කැඩී ගොස් තිබිණි.

Mirror