Saturday, February 21, 2026
Follow Us
පොලිස් වෙස් ගෙන නිවසකට ඇතුලුවූ තිදෙනෙක් අත්අඩංගුවට

පොලීසියෙන්යැයි පවසා කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී රුපියල් ලක්ෂ 18 කට අධික දේපළ කොල්ලකෑ සැකකරුවන් සොයා පොලීසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, සැකකරුවන් තිදෙනෙකු නිවසට ඇතුලුවී සිය දේපල කොල්ලකා පලාගොස් ඇති බවට නිවැසියා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

සැකකරුවන් විසින් තමන් දණ ගස්වා රන් භාණ්ඩ, ජංගම දුරකථනයක් සහ රුපියල් තුන් ලක්ෂ 55,500 ක මුදලක් කොල්ලකා පළාගොස් ඇති බවටද නිවැසියා විසින් පොලීිසියට පවසා තිබෙනවා.

Neth