Saturday, February 21, 2026
Follow Us
බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 05 ක් සොයාගනී

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුල්වන දෙවැනි දොරටුව අසල පොළව යට වලදමා තිබියදි කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 05ක්, චාජර් 05ක් සහ සිම්කාඩ්පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

සිරකරුවන් විසින් බුස්ස බන්ධනාගාර පරිශ්‍රය තුල කාණුවක් අලුත්වැඩියා කරමින් සිටියදි ඔවුන් භාරව සිටි බන්ධනාගාර නිලධාරින්ට ජංගම දුරකථන ඇතුලු එම උපකරණ හමුවී ඇති බවයි බුස්ස බන්ධනාගාරය පැවසුවේ.

සොයාගත් එම භාණ්ඩ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා බන්ධනාගාර මුලස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කර තිබෙනවා.

 

Neth