Saturday, February 21, 2026
Follow Us
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 08 ක ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට 08 දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, පෙරවරු 09 යේ සිට පස්වරු 05 දක්වායි. කොණ්ඩදෙනිය, කුළුගම්මන, නුගවෙල, රජපිහිල්ල, මැදවල, කුරුගොඩ සහ තෙලඹුගහවත්ත ජලාශ මඟින් ජලය සපයන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනවා.

කටුගස්තොට, යටිවාවල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස හෙට පෙරවරු 09 යේ සිට පැය 08 ක ජල කප්පාදුවක් සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

Neth