Friday, April 19, 2024
Follow Us
සුළි කුණාටුවක් ගැන නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං


ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර අද (07) සවස් වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමට හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය හෙට (08) වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත ළඟාවීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇතිවේ.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් විටින්විට හමන පැ.කි.මී. 40ත් 50ත් පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Aruna