Saturday, July 05, 2025
Follow Us
මහේල ජයවර්ධන හදිසියේම ගත් තීරණය

කණ්ඩායමකට සිදුවන පාඩුව


ලොව ප්‍රමුඛ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන මහේල ජයවර්ධන සදර්න් බ්‍රේව් කණ්ඩායමේ වගකීම්වලින් ඉවත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ලබන වසරේදි ඔහු එම කණ්ඩායමේ වගකීම් වලින් ඉවත් වන බවට වැඩිදුරටත් වාර්තා වේ.

මහේල ජයවර්ධන මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “කාර්ය සාධන ලෝක ප්‍රධානියා” ලෙස කටයුතු කරයි.

එසේම ඔහු එංගලන්ත “හන්ද්‍රඩ්” තරගාවලියේ “සදර්න් බ්‍රේව්” කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරයි.

මුම්බායි ඉන්දියන්ස් සතු MI Emirates සහ MI Cape Town වැනි කණ්ඩායම් සඳහා ද ඔහුගේ දායකත්වය දිය යුතු බැවින් ඔහු එම තීරණය ගෙන ඇත.

Aruna