Saturday, February 21, 2026
Follow Us
බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගනී

පවුල් ආරවුලක් ගිය දුරක්


අක්මීමන – මාදොල ප්‍රදේශයේ දී සිය බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි.

සිය බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියා අනතුරුව ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබේ.

(05) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය කාන්තාවගේ සිරුර නිවසේ මුළුතැන් ගෙයි තිබෙන අතර සැමියාගේ සිරුර නිවසේ කාමරයක් තුල තිබු බව අක්මීමන පොලීසිය පවසයි.

මෙම යුවළට දරුවන් දෙදෙනෙකු සිටින බවද අනාවරණයවී ඇත.

සිද්ධිය සම්බන්ධව අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Aruna