Saturday, February 21, 2026
Follow Us
වෘෂණ ​කෝෂ ආරක්ෂිතයි

වෘ‍ෂණ කෝෂ බද්ධය ගැන සෞඛ්‍ය ලොක්කා කියන කතාව


සායනික හෝ පර්‌යේෂණාත්මක වශයෙන් වෘ‍ෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍ය මතය යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

වෘෂණ කෝෂ බද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි. අවයව බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සත් පුද්ගල විමර්ශන කමිටුවක්ද ඊයේ (5දා) පත්කර ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසිනි. 2016 වර්ෂයේද අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ අතර එහි වාර්තාවද යට ගැසීමට පියවර ගෙන ඇතැයි ‘අරුණ’ ඊයේ (5දා) කරුණු හෙළි කළේය.

Aruna