Saturday, February 21, 2026
Follow Us
ගෑස් බෙදා හැරීම යථා තත්ත්වයට

ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය මේ වන විට අවසන් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 17,000ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ගෑස් බෙදා හැරීම සහ හිගය අවසන් වනු ඇති බව ඔහු කියා සිටියා.

 

ගෑස් බෙදා හැරීම සහ ගෑස් නිකුත් කිරීම පසුගිය දින කිහිපයේ සීමා වී තිබුණා.

ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවයි ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම උත්සව සමය තුළ හිගයකින් තොරව පාරිභෝගික ජනතාවට ගෑස් ලබා දෙන බවද ඔහු කියා සිටියා.

Neth