Saturday, February 21, 2026
Follow Us
හික්කඩුවේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

හික්කඩුව, වෑවල හන්දියේ ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

රෙදි පිළි අලෙවි සැලක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිද ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට හදුනාගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මිය ගිය පුද්ගලයා සහ සැකකරු අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ නාරිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.


Neth