Saturday, February 21, 2026
Follow Us
යාලට අලුතෙන්ම එකතු වෙන දේ

යාලේ යන අයට සුභ ආරංචියක්


යාල වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනම විවේක ස්ථානයක් (Resting Place)ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

මෙම විවේක ස්ථානය වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් ඉදිකිරීමට කටයුතු කර ඇති අතර එහි සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සම්බන්ධව සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට ද නියමිතය.

මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් වැයකිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.

ඒ අනුව යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදුකෙරේ.

යාල වනාන්තරයේ පට්ටනංගල ඹ්ලොcක් ඹ් කොටසේ මෙම විවේක පරිශ්‍රය ද වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැළසේ.

Aruna