Saturday, February 21, 2026
Follow Us
වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹින්..

මෙම මාසයේ ගත වූ දින 28 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2315ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තා ලැබීමේ ප්‍රමාදය නිසා මෙරටින් මෙම මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මාසයේ වැඩිම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 329කි.

සෙසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 298කි. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 257 ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 215 ක් හඳුනාගෙන ඇත.

මේ දිනවල දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 26ක ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා තම නිවෙස, ගෙවත්ත, රැකියා ආයතන, පාසල ඇතුළු සෑම ස්ථානයකම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් නිතරම ඒවා විනාශ කර තම අවට පරිසරය ශුද්ධ පවිත්‍රව තබා ගත යුතු බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

තම අවට ගෙවත්ත, පරිසරය පිරිසිදුව තබාගැනීමෙන් ඔබ මෙන්ම ඔබේ දරුවන්ගේ සහ සමස්ථ සමාජයක්ම ආරක්ෂා වන බව නිතැතින්ම සිතට ගන්න.

LNW