Saturday, February 21, 2026
Follow Us
මෙහෙකාර සේවයට කාන්තාවන් රැගෙනවිත් ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මඟින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් ලිංගික අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බණ්ඩාරගම, වීදාගම ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් එම නිවසෙන් පළා විත් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

හුරුලු, නිකවැව කුඹුක්වැව පදිංචි 55 හැවිරිදි තමන්ව රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට කැඳවාගෙනවිත් එහි හාම්පුතා විසින් රාත්‍රී දෙකක් එම නිවසේ රඳවාගෙන තමන්ව බලහත්කාරයෙන් දූෂණය කළ බවට අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ සැකකරු ගාල්ල බටදූව ප්‍රදේහයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

Neth