Saturday, February 21, 2026
Follow Us
විදුලි කප්පාදු වේලාව වැඩිවෙයි

සති අන්තයේ විදුලිය කපන්නේ මෙහෙමයි


එළඹෙන සති අන්තයේ (26 සහ 27) දෙදින පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරනු ඇත.

තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට සිදුවීමෙන් මෙසේ විදුලි කප්පාදුව පැය දෙකක් දක්වා දීර්ඝ කර තිබේ.

Aruna