Saturday, July 27, 2024
Follow Us
මගේ බලාපොරොත්තු බිඳ වැටිලා නෑ

දුෂ්මන්ත නැති එක ලොකු පාඩුවක්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මංගල එක්දින තරගාවලිය අද(24 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියේ ජයත් සමගින් මෙම තරගාවලියට ශ්‍රී ලංකාව පිවිසෙන අතර ඇෆ්ගනිස්තානය සිම්බාබ්වේ සමග පැවැති අවසන් තරගාවලිය ජය ගනිමින් මෙම තරගාවලියට අවතීර්ණ වේ.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක‘ අනිවාර්යයෙන්ම තරගාවලියේදී ලංකාව සුපුරුදු දක්ෂතාවට එනු ඇතැයි මම විශ්වාස කරනවා. මගේ බලාපොරොත්තු බිඳ වැටිලා නෑ. වේගපන්දු යවන්නන්ගේ ආබාධ නිසා අපි ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයෝ යොදවනවා. දුෂ්මන්ත නැති එක ලොකු පාඩුවක්. මෙම තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ තරග වදිනවත් අපිට දක්නට ලැබේවි. ‘ යි පැවසුවේය.
ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසින් මෙය පැවැත්වේ.

තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරග පිලිවෙලින් 27 වැනිදා සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

Aruna