Friday, September 27, 2024
Follow Us
පොලිස් නිලධාරීන් පොලිස් කොමිසමෙන් ඉවත් කරන්නැයි යෝජනාවක්

පොලිස් නිලධාරීන් පොලිස් කොමිසමේ රාජකාරීවලින් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම නිලධාරීන් පොලිස් කොමිසමේ රාජකාරී සිදු කරන තෙක් එම කොමිසම ස්වාධීන නොවන බවයි.

ස්වාධීන කොමිෂන් සභා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ද මෙලෙස අදහස් පළ කළා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. අද දිනයේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි. උදෑසන 9යි 30ට සභාවේ කටයුතු ආරම්භ කෙරෙන අතර එය පස්වරු 7 දක්වා පැවැත්වෙනවා.

Neth