Friday, February 20, 2026
Follow Us
ඕමාන් මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඕමානයේ මිනිස් ජාවාරමේ නිරත බව කියන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලීසියට භාර දී තිබෙන අතර සැකකරු අද(19) මීගමුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(නිව්ස් ෆස්ට්)