Friday, April 17, 2026
Follow Us
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පාතාලේ දෙදෙනෙක් මරුට

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට තුවාල


මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගියේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.

මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.

විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Aruna