Friday, April 17, 2026
Follow Us
නුවන් බෝපගේට ඇප

අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (17) නියෝග කළේ ය.

ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

පසුගිය ජුනි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වන සැකකරු ලෙස නිතීඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබුණි.

මිට දින කිහිපයකට පෙර ඔහුව එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ අතර, නීතීඥවරුන් කළ දැනුම්දීම අනුව නුවන් බෝපගේ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

(නිවුස්ෆස්ට්)