Friday, February 20, 2026
Follow Us
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 6ක අවලංගු කෙරේ

මුහුදුබඩ මාර්ගයේ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 6ක් අවලංගු කර තිබෙනවා.



දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගයේ කොල්ලුපිටිය සහ කොළඹ කොටුව අතර පාලමක් අබලන් වීම හේතුවෙන් වැල්ලවත්ත සිට කොළඹ කොටුව දක්වා එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කරන බවයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සෙසු දුම්රියද ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

Neth