Friday, February 20, 2026
Follow Us
භික්ෂූන් කුඩුවලට ඇබ්බැහි කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි වේ

හෙරොයින් සමඟ භික්ෂුවක් අත්අඩංගුවට


ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක හිමිනම හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

හිමිනම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් කුඩු මිලිග්‍රෑම් 40ක් සන්තකයේ තිබී ඇත.

බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් හොරයින් මත් කුඩු වලට ඇබ්බැහි ව සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල මෝල්කාව ප්‍රදේශයේ දීය.

මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

39 හැවිරිදි සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒකනායක පරීක්ෂණ පවත්වයි

Aruna