Friday, April 17, 2026
Follow Us
අද පැය 8ක ජල කප්පාදුවක්

ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ මෙන්න


අද (17) රාත්‍රී 10.00 සිට හෙට (18) පෙරවරු 6.00 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය අටක කාලයක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපහවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ මානම්බොඩ, අලුපොතුවල, මාරුකොන, කඩුවෙල, රයිතලාවල, ලෝටස් පාක් උකුවෙලවත්ත, දෙමටගොඩවත්ත යන ප්‍රදේශවල මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි.

උකුවෙල ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම ජල කප්පාදුවන සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපහවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna