Friday, February 20, 2026
Follow Us
දිය රකුසාගෙන් බේරුණු සිසුවා චාජරයෙන් මරුට

පරිගණකයේ චාජරය පිපිරී සිදු වූ අනතුර


ලැප්ටොප් පරිගණකය උකුලේ තබාගනිමින් චිත්‍රපටයක් නරඹමින් සිටි 13 හැවිරිදි සිසුවකු පරිගණකයේ චාජරය පිපිරී ගොස් සිදුවූ අනතුරකින් ඊයේ මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිතුඩුව බෙන්වල පාර ඉදිකැටිය නිවසේ පදිංචි සෙනෙතක් ඉදුවර නමැති සිසුවකු බව බලපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම සිසුවා ඊයේ දහවල් පරිගණකයේ චාජරය සවිකර ගනිමින් පරිගණකය පරිහරණය කර ඇති අතර එම අවස්ථවේදී චාජරය පුපුරා ගොස් තිබිණි. තුවාල ලබා සිටි මෙම දරුවා බලපිටිය රෝහල වෙත ගෙනයාමෙන් පසු මියගොස් ඇත.

මෙම සිසුවා මීට මාස කිහිපයකට පෙර අම්බලංගොඩ අකුරල මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මුහුදට ගසාගෙන ගිය සිසුන් සිවු දෙනකු අතරින් දිවි බේරාගත් සිසුන් දෙදෙනාගෙන් අයකු බවද වාර්තා වේ.

Aruna