Friday, February 20, 2026
Follow Us
අද හවසට දුම්රියෙන් යන්න ඉන්න මගීන්ට විශේෂ පණිවිඩයක්

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට


දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

ඒ, දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබද ප්‍රශ්නයක් හේතුවෙනි.

අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ.