Sunday, April 27, 2025
Follow Us
කතෝලික රදගුරු මණ්ඩලය අද විශේෂ යැදුම් දිනයක් ලෙස නම් කරයි

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දිවි අහිමිවූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යැදුම් දිනයක් ලෙස අද (26) ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, කතෝලික රදගුරු මණ්ඩලය විසින්.

ඒ අනුව අද දිනයේදී පවුල් වශයෙන් ජප මාලය උච්ඡාරණය කරමින් සහ රට වෙනුවෙන් දේව මාතාවන්ට පුරුදු ලෙස යදින යාඥාව උච්ඡාරණය කරන ලෙසයි මෙහිදී කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.

කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙය අවස්ථාවේදී පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් යාඥා කරමින් අද දිනය ගත කරන ලෙස ද මෙහෙදී ඉල්ලීමක් කෙරුණා.

මෙහි ප‍්‍රධාන දේවමෙහෙය බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී අද පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.

(Neth)