Wednesday, July 09, 2025
Follow Us
තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 4ක් මෙරටින් හමුවෙයි

රටම බිය ගන්වමින් වුන දේ


මෙරටින් තවත් ඔමිකෝන් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ බලාපොරොත්තු වූ ලෙසින්ම මේ වන විට රට තුලින් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තාවන බවයි.

එබැවින් වහාම බූස්ටර් එන්නත ලබාගත යුතු බවත් ඔහු එම ට්විටර් පණිවුඩය හරහා අවධාරණය කරනවා.

මීට පෙර මෙරටින් එක් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තාවූ අතර එම ආසාදිත කාන්තාව නයිජීරියාවේ සංචාරයකින් අනතුරුව මෙරටට පැමිණි බවයි සඳහන් වූයේ.

එමෙන්ම ඇය නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර නොමැති බවටත් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොතිබූ බවටත් චෝදනා එල්ලවුනා.

(Aruna)