Wednesday, July 09, 2025
Follow Us
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුධාවලියෙන් ද මොහුව හඳුන්වනු ලබයි.

සුනිල් සෝම පීරිස් මහතා විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.

ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට අතරින් කිහිපයකි.

විටෙක සුනිල් සෝම පීරිස් මහතා නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබේ.

සුනිල් සෝම පීරිස් මහතාට අරුණ වෙබ් අඩවිය අප නිවන් සුව ප්‍රාර්ථනා කරමු

(Aruna)