ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු RWP USP වසර තිස් පහක පමණ සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේය. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවක මණ්ඩල කටයුතු පිලිබඳව අධ්‍යෂක ජෙනරාල්වරයා ලෙස මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙසද කටයුතු කරමින් සිටියේය. ඔහු 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද කලක් කටයුතු කර ඇති අතර යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ද දරා ඇත.
වර්ෂ 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්ව ඇති ප්‍රියංක ප්‍රනාන්දු 1987 වසරේදී උප ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව සිය යුද හමුදා සේවය අරඹා ඇත. ඊලාම් යුද්ධය නිමා වන තුරුම ක්‍රියාන්විත රැසකටම විවිධ නිලතල යටතේ දායකත්වය දැක්වූ එතුමා 1991 වසරේ කයිට්ස් ප්‍රදේශයේ පැවති ක්‍රියාන්විතයක් අතරතුර තුවාල ලබූ ඇත. ඔහු යුද්ධයේදී පෑ දස්කම් හේතුවෙන් රණ වික්‍රම පදක්කමෙන් දෙවරක් පිදුම් ලැබ තිබේ.
2017 වසරේදී බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්‍ය්යාලයේ ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා ලෙස පත්වීම් ලැබූ ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ගෞරවයටත් ජනප්‍රියත්වයටත් පත්විය. 2018 වසරේදී ලංඩන් හී පිහිටි මහකොමසාරිස් කාර්‍ය්ලය ඉදිරිපිට පැවති LTTE හිතවාදී උද්ගෝෂණයක් අතරතුරදී උද්ගෝෂකයන්ට දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් එතුමන් බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ශ්‍රි ලාංකිකයන් අතරද ඉතා ජනප්‍රිය චරිතයක් විය.
එම සිදුවීමෙන් පසුව එවකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එංගලන්තයේ වෙසෙන කොටි හිතවාදීන්ගෙන් විවිධ තර්ජන එල්ල වු අතර පසුව LTTE හිතවාදීන් විසින් බ්‍රිතාන්‍යයේ මහ අධිකරණය හමුවේ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුවා. නඩුව විභාග කල බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කලා. එය ජාත්‍යන්තරය හමුවේ LTTE හිතවාදීන් ලැබූ විශාල පරාජයක් උනා.
2021/12/08 දින සිට හමුදා සේවයෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට සුබ විශ්‍රාම දිවියක් පතමි..උපුටා ගැනීමකි