Wednesday, July 09, 2025
Follow Us
ඩොලර් අර්බුදය හේතුවෙන් යළිත් කිරිපිටි හිඟයක් එන ලකුණු

රට තුළ උද්ගතව ඇති ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ආනයනය යළිත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය ජනවාරි මාසයේ සිට කිරිපිටි ආනයනය කිරීමට අදාළ මුදල් මෙතෙක් එම විදේශීය සමාගම් වෙත ගෙවීමට නොහැකි වී ඇති බවයි එම සංගමය පවසන්නේ.

ඒ අනුව ඊට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් තමන් ඉල්ලීමක් ද කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇතැම් කිරිපිටි වර්ග දැනටමත් හිඟවෙමින් පවතින බවත් ඇතැම් වෙළඳසැල් වලින් කිරිපිටි මිලදී ගැනීම සඳහා වෙනත් භාණ්ඩ මිලදී ගැනීමේ කොන්දේසි ඉදිරිපත් වන බවත් පාරිභෝගිකයින් ප්‍රකාශ කරයි.

(LNW)